මීට වසර 12,000ට පමණ ඉහතදී ඇමරිකාවේදී ප්රථම හස්කි සුනඛයා හමු වී ඇති අතර අනතුරුව වසර 8,000ක් පමණ අතීතයේදී ඇස්කිමෝවරු හා මෙම වර්ගයේ බල්ලන් විසූ බවට සාධක හමු වී ඇත.. මෑත ඉතිහාසයේ වසර 1000කට පමණ ඉහතදී ඇලෙස්කාව තුල මෙම සුනඛයා ජීවත්ව ඇත. මෙම සුනඛ වර්ගය වර්ධනය වී ඇත්තේ නැගෙනහිර සයිබීරියාවේ බැවින් සයිබීරියන් හස්කි ( Siberian Husky ) යන නම ලැබුණු බවට වාර්තා වේ.
ලොව හැඩකාරම සුනඛයා වශයෙන් හැඳින්වෙන සයිබීරියන් හස්කි ලොව භයානකම සුනඛයින් වර්ගකිරීම තුල ද 13වෙනි ස්ථානය ලබා සිටිනවා. තනි ස්වාමියෙකුට හීලෑ වන සුනඛ වර්ගයක් වන හස්කි වෘකයෙකු හා බල්ලෙකුගේ දෙමුහුන් ප්රතිඵලයක් බවට සැලකේ. නමුත් වුල්ෆ් ඩෝග් නමැති සුනඛ වර්ගය නිසා මෙය මතබේදාත්මක කරුනක් වී ඇත. මේ අතර හස්කි කුලයට නෑකම් කියන සුනඛ වර්ග කිහිපයක්ම දැක ගත හැක.
සයිබීරියන් හස්කි සුනඛ වර්ගයේ විශේෂම ලක්ෂණය වන්නේ එම බල්ලන්ගේ දෙනෙත් යුගලය වර්ණ දෙකකින් පිහිටා තිබීමයි. බොහෝවිට කොල හා නිල් වර්ණයෙන් හෝ නිල් හා කහ වර්ණයෙන් හස්කි සුනඛයින්ගේ නෙත් දැකිය හැක. මෙම වර්ගයේ සුනඛයින්ගේ පිරිමි සතුන් බර කිලෝ 20-27 අතර පරතරයක පවතින අතර උස අඟල් 21-24 අතර පවතී. එසේම ගැහැණු සතුන්ගේ බර කිලෝ 16-23ත් අතර අගයක් ගන්නා සේම උස අඟල් 20-22ත් අතර අගයක පවතී.

මෙම සුනඛයාගේ ජීවී පරිසරය ශීත දේශගුනයක් පසුබිම් කර ගනී. නමුත් ශ්රී ලංකාව තුලද හස්කි බල්ලන් කලාතුරකින් දැක ගත හැක. ශ්රී ලංකාව තුල හස්කි සුනඛයින් ඇති කිරීමේදී එම බල්ලාගේ පරිසරය සිසිල් කිරීම වැදගත් වේ. මන්ද උෂ්ණ පරිසරයක් තුලදී මෙම සුනඛයා හට සමේ රෝග වැළඳීමේ ඉඩකඩ වැඩි අතර සුනඛයාගේ නියම පිරිපුන් ස්වරූපයද වියැකී යෑමට හැක. ලංකාව තුල හස්කි සුනඛයින් මිලදී ගැනීමේදී රු.75,000 සිට 200,000 දක්වා මිලකට මෙම සුනඛ පැටවුන් අළෙවි කෙරේ. ඒසා විශාල මුදලක් හා වෙහෙසක් මෙම සුනඛ වර්ගය ලංකාව තුල ඇති කිරීමට ද යෙදවිය යුතුය.
 |
|